📚 Knowledge-Base

LKSMP server එකට ගියාම chat එකේ ගහන්න /register password password – password කියන තැනට ඔයාට කැමති password එකක් දෙන්න පුළුවන් ඔයා ගහන password එක දෙපාරක් ගන්න.

register උනාම ඔයා server එකට එන හැම පාරකම login වෙන්න ඔන.

/login password කියලා ගහල ලොග් වෙන්න

password එක අමතක උනොත් ඇඩ්මින් කෙනෙක්ට කියන්න

 

 

LKSMP server එකට අලුත් කෙනෙක් නම් අනිවාරෙන් අපේ server rules accept කරන්න ඕන.

T එක ඔබල chat එක open කරගෙන /rules command එක ගහන්න 

rules command එක දුන්නට පස්සේ chat එකේ එනවා LKSMP rules ටික. next එකෙන් පුළුවන් pages වලට යන්න ඔක්කොම rules ටික කියවන්න අවසාන page එකේ තියනවා accept කියල button එකක් එක ඔබන්න rules accept කරන්න 

LKSMP එකේ Play කරනවා නම් අනිවාරෙන් ගෙදර හදන තැන claim කරන්න.

මුලින්ම claim blocks ලෙබෙන්නේ 150

හැම player කෙනෙක්ටම 2500 claims නොමිලේ ලැබෙනවා

claim block 2500 එක පාරටම හම්බවෙන්නේ නැ server එකේ play කරද්දී තමා claims ලැබෙන්නේ පැයකට 85 ගානේ

claims 2500 වඩා ගන්න ඕනි නම් අපේ store එකෙන් ගන්න පුළුවන් https://store.lksmp.fun/
 
මාස 6 online එන්නේ නැතුව හිටියොත් claim කරලා තියන තැන් ඔක්කොම unclaim වෙනවා.

free ලැබෙන claim 2500 අමතරව bonus claim 5000 වඩා තිබුනොත් තමා claim expire වෙන්නේ

5000 වඩා අඩුවෙන් නම් තියෙන්නේ bonus claim මාස 6 online එන්නේ නැතුව හිටියට expire වෙන්නේ නැ

අනිත් Servers වල වගේ /sethome command එක දුන්නම home location එක සෙට් වෙන්නේ නැ , /home command එක ගහලා home එකට teleport වෙන්නත් බැ.

Bed එකක් Craft කරල Respawn Point එක සෙට් කරගන්න, XYZ වලින් පුලුවන් ගෙදර තියන තැනට යන්න.

LKSMP Coordinates System එක ගැන දැනගන්න පහලින් තියන link එකට යන්න 

update :https://community.lksmp.fun/showthread.php?tid=8

/lobby command එකෙන් පුලුවන් ලොබියට යන්න, එක පරාරක් ලොබියට ගියාම ආයෙත් /lobby command එක පාවිච්චි කරන්න මිනිත්තු 20 ඉන්න ඔන.

nether + end world එකට /lobby command එක වැඩ කරන්නේ නෑ.

ලොබි එකේ ඉන්නවා Teleport To Bed කියලා NPC කෙනෙක් එයාව Right Click කරහම පුලුවන් Bed එක ගහලා Respawn Point සෙට් කරපු තැනට යන්න.

LKSMP Balloon එක ඇතුලේ ඉන්නවා Balloon Driver NPC එයාව Right Click කරහම පුලුවන් Over World එකට යන්න

/vote command එක දුන්නම එනවා menu එකක් එතන තියන්න ඔක්කොම Link වලට ගිහිල්ලා Vote කරන්න පුලුවන් Server එකේ Play කරන නම දාල.

Vote කරහම Claim Blocks + Vote Keys ලැබෙනවා, Vote Key වලින් පුලුවන් Vote Crate එක අරින්න, Claim Blocks වලින් පුලුවන් Claim එක ලොකු කරගන්න.

දවස ගානේ Vote කරන්න පුලුවන් 🙂

/buy command එක දුන්නම එනවා menu එකක් එතනින් කෑමති දෙයක් සල්ලි දිලා ගන්න පුලුවන්.

ඔයාල අපේ VIP Store එකෙන් සල්ලි දිලා ගන්න Items වලින් එන සල්ලි අපේ dedicated servers, backup servers, plugins, website, domain name වලට ගෙවන්න උදවු වෙනවා <3

LKSMP Server එකේ Videos හදල upload කරන අයට Youtube Tag එක දෙනවා

Video එක upload කරන channel එකට ග්‍රාහකයින් 250(subscribers) අඩුම ඉන්න ඔන තව මුලු channel එකටම 1000 views තියෙන්නත් ඔන

Video description එකට LKSMP website, server ip සහ discord link (https://lksmp.fun/discord/) ඇතුලත් වෙන්න ඔන

Youtube tag එක ගත්තට පස්සේ, අලුත් Video එකක් upload කරන්න බැරි උනොත් මාස තුනක් ඇතුලත Youtube Tag එක අයින් කරන්න වෙනවා.

 

game එක හිර වෙන්නේ නැතුව play කරන්න guide එක බලන්න – https://lksmp.fun/lksmp-mc-client-optimization-guide-sinhala/

  • මුලින්ම LKSMP discord එකට join වෙන්න 
  • get-verified channel එකේ play කරන name එක ගහන්න
  • game එකේ chat එකට එන message එක accept කරන්න 

account එක unlink කරන්න ඕන නම් /dc unlink command එක පාවිච්චි කරන්න 

LKSMP server එකේ play කරද්දී Connection Reset By Peer error එක හරි වෙන error code එකක් ඇවිල්ලා server එකෙන් disconnect වෙනවනම් පහලින් තියන ක්‍රම ටික උත්සාහා කරලා බලන්න

01

cmd එක open කරලා ipconfig /flushdns command එක ගහලා server එකට connect වෙලා බලන්න disconnect වෙනවද කියලා

02

game version එක වෙනස් කරලා බලන්න

lksmp support කරන version ටික 1.16.4 ඉදන් 1.18.2 එකට යනකන් support කරනවා 

03

data usage එක වැඩි applications background එකේ run වෙනවා නම් ඒවා close කරලා බලන්න 

04

LKSMP server එකට පහලින් තියන ip එහෙකින් connect වෙලා බලන්න 

  • mc.lksmp.fun
  • join.lksmp.fun

 

error එක fix උනේ නැත්නම්  අපේ forum එකේ account එකක් හදල post කරන්න එන error එකේ screenshot එහෙකුත් එක්ක 

https://community.lksmp.fun/forumdisplay.php?fid=3

PLAY.LKSMP.FUN

1.16.4 - 1.18.2 SURVIVAL AND SKYBLOCK
© LKSMP 2022 All Rights Reserved. - Powered by BOCCA CREW